Oba Ai Inne Song Lyrics - ඔබ ඇයි ඉන්නේ ගීතයේ පද පෙළ

Oba Ai Inne Song Lyrics - ඔබ ඇයි ඉන්නේ ගීතයේ පද පෙළ
Song Title : Oba Ai Inne (ඔබ ඇයි ඉන්නේ)
ගායනය : බුද්ධික උෂාන්


ඔබ ඇයි ඉන්නේ තරහ වෙලා
මට ඉවසන්න බැරිව ගියා
හිත පාරන්නෙ නෑ යළි හඬවන්නෙ නෑ
දැන් ගුලිවෙන්න තුරුලට වෙලා

ඔබ ඇයි ඉන්නේ තරහ වෙලා
මට ඉවසන්න බැරිව ගියා
හිත පාරන්නෙ නෑ යළි හඬවන්නෙ නෑ
දැන් ගුලිවෙන්න තුරුලට වෙලා

සුන්දර රුවැත්තියේ අවිහිංසක මුවැත්තියේ
සුන්දර රුවැත්තියේ අවිහිංසක මුවැත්තියේ
ඇයි ඔරවන්නේ හොරැහින් බලා
මා රිදවන්නේ නෑ යළි සදා
උතුරන්න ඔය ආදරේ සිපගන්න මේ ජීවිතේ

ඔබ ඇයි ඉන්නේ තරහ වෙලා
මට ඉවසන්න බැරිව ගියා
හිත පාරන්නෙ නෑ යළි හඬවන්නෙ නෑ
දැන් ගුලිවෙන්න තුරුලට වෙලා

මල්සර කතන්දරේ පවසන්නද නිරන්තරේ
මල්සර කතන්දරේ පවසන්නද නිරන්තරේ
මං ඉගිළෙන්නේ නෑ ඔබ දමා
ඇයි ඉහිරෙන්නේ කොපුලින් නුරා
පායන්න නෙතු කැන් අගේ
මට දෙන්න ඔය පෙම් සුවේ

ඔබ ඇයි ඉන්නේ තරහ වෙලා
මට ඉවසන්න බැරිව ගියා
හිත පාරන්නෙ නෑ යළි හඬවන්නෙ නෑ
දැන් ගුලිවෙන්න තුරුලට වෙලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment