Iga Suga Nalawana Song Lyrics - ඉඟ සුඟ නලවන ගීතයේ පද පෙළ

Iga Suga Nalawana Song Lyrics - ඉඟ සුඟ නලවන ගීතයේ පද පෙළ
Song Title : Iga Suga Nalawana (ඉඟ සුඟ නලවන)
ගායනය : බුද්ධික උෂාන්
සංගීතය : මලිත් පෙරේරා
පද රචනය : මලිත් පෙරේරා


ඉඟ සුඟ නලවන රුවැත්තී නෙතු රවටන යුවැත්තී
ප්‍රේමණීයයි ඔබගේ සේයා
ඉඟ සිත නලවන මුවැත්තී හද කකියන හැඩැත්තී
ශෝබනීයයි ඔබගේ මායා
මිහිරාවී මාගේ ඔබ මාගේ සඳනාරී
මන ලෝලී ප්‍රේමී රසවන්තී පෙම්වන්තී
සුකුමාලී මාගේ ඔබ මාගේ මනහාරී
රුචිරාණී නාරී ඔබ වෙනුවෙන් හද පුදමී

ඉඟ සුඟ නලවන රුවැත්තී නෙතු රවටන යුවැත්තී
ප්‍රේමණීයයි ඔබගේ සේයා
ඉඟ සුඟ නලවන මුවැත්තී හද කකියන හැඩැත්තී
ශෝබනීයයි ඔබගේ මායා

සඳ මුවාවී යන වෙලාවේ ඔබෙ රුව ගැන
සිත සිත හද හඬමින් ‍රැය ගෙවෙන්නේ
තරු පහන්වී දැල් උනාවේ
ඔබේ නිල් නෙතු යුග තරු පොකුරු පරදවා දිලෙන්නේ
මට හිතා ගන්න බැරි ඔබේ ආදරේ
දරා ගන්න බෑ ඔබේ සිතෙන්
වෙනස් වී යයිද ඔබේ මේ ආදරේ

ඉඟ සුඟ නලවන රුවැත්තී නෙතු රවටන යුවැත්තී
ප්‍රේමණීයයි ඔබගේ සේයා
ඉඟ සුඟ නලවන මුවැත්තී හද කකියන හැඩැත්තී
ශෝබනීයයි ඔබගේ මායා

ඔබේ සිනාකැන් මට මතක් වී
ඔබ නැති හැම දිනකම ළඟ සිටියා මං තුරුල් වී
මම හඬාවී ඔබ සිනාසේ
මම ඔබ ලඟ සිටි හැම මොහොතෙම ඔබ නෑ තුරුල්ලේ
මට හිතා ගන්න බැරි ඔබේ ආදරේ
දරා ගන්න බෑ ඔබේ සිතෙන්
වෙනස් වී යයිද ඔබේ මේ ආදරේ

ඉඟ සුඟ නලවන රුවැත්තී නෙතු රවටන යුවැත්තී
ප්‍රේමණීයයි ඔබගේ සේයා
ඉඟ සුඟ නලවන මුවැත්තී හද කකියන හැඩැත්තී
ශෝබනීයයි ඔබගේ මායා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment