Jaya Keli Bandana Song Lyrics - ජය කේලි බන්දන ගීතයේ පද පෙළ

Jaya Keli Bandana Song Lyrics - ජය කේලි බන්දන ගීතයේ පද පෙළ

Jaya Keli Bandana Song Lyrics - ජය කේලි බන්දන ගීතයේ පද පෙළ
Song Title : Jaya Keli Bandana (ජය කේලි බන්දන)
ගායනය : ආචාර්ය දයාරත්න රණතුංග සමග මහාචාර්ය අමරා රණතුංග
පද : සරත් විමලවීර
තනුව : ආචාර්ය දයාරත්න රණතුංග
ජීවන ගංගා චිත්‍රපටියෙන්
මුල් ගායනය : ආචාර්ය දයාරත්න රණතුංග සහ නාලිනී රණසිංහ


ජය කේලි බන්දන
සිරි දේවි කැන්දන
නන්දන රූ සිරිනී
පොබයන //

අංජන නෙත් යුග
රන්මසු රන්දන
අනුරාගී මදහසිනී වොරඳන
අනුරාගී මදහසිනී වොරඳන
කවුරුද තී සොඳුරී
කිව මැන
කවුරුද තී සොඳුරී

රාජ රාජ රාවණ පරපුරෙනී
පැවතෙන ලංකා තලයේ ධරණී
යක් සේනාපතියන්ගේ දියණී
කුවේණි කුමරිය මම කපු කටිමී
කවුරුදු ඔබ රජුනී
කියනු මැන
කවුරුදු ඔබ රජුනී

පියරාජ අණසක
පි‍ටුපාල සපැමිණි
තඹවන් බිම සොයමී
නිවහන //

චංචල තොල් යුග
මින්දද රංගන
කල්‍යාණී මනනඳනී වරඟන
කල්‍යාණී මනනදනී වරඟන
දඹදිව සිට පැමිණී
විජයිඳු
මම වන්නෙමි මධුරී

ඈත ඈත නිල් වනපෙත් කමණී
රාජ ඉසුරු සලසයි රජතුමනී
යක් සේනා බල සුන්කරලමිනී
රාජ කිරුළ හිස පළඳිනු මැනවී
සඳකැන් හිරුට දෙමී
අඹර මිහිතලයට ‍රැගෙන එමී

දස රාජ දහමින
හෙළ දූව සුරකිණු
වණු මැණ පිළිසරණා
කුමරිය //

රන්මිණි මන්දිර
දෙන්නෙමි දොර හැර
තී මාගේ අග‍රැජිනී මියුලැසි
තී මාගේ අග‍රැජිනී මියුලැසි
සරසමු රන්දීපේ
දද බැඳ
සරසමු රන්දීපේ

සරසමු රන්දීපේ
දද බැඳ
සරසමු රන්දීපේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment