Gahanu Lamyine Song Lyrics - ගැහැණු ළමයිනේ ගීතයේ පද පෙළ

Gahanu Lamyine Song Lyrics - ගැහැණු ළමයිනේ ගීතයේ පද පෙළ
Song Title : Gahanu Lamyine (ගැහැණු ළමයිනේ)
ගායනය : ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය : කරුණාසේන ජයලත්
තනුව : නිමල් මෙන්ඩිස්
ගැහැණු ළමයි  (1978 )සිනමා කෘතියෙන්
චිත්‍රපටයෙන්ම උකහා ගත් ගීයක් බැවින් හඬ තත්වයේ දුර්වලතා තිබේ


ගැහැණු ළමයිනේ
කොහෙද බලා ඉන්නේ
ඉගිලී යන්නද
සිතා බලන්නේ
ගැහැණු ළමයිනේ
අවට අලංකාරයි නේ
සිහිනෙන් දුටුදේ විසිරී යයි

ගැහැණු ළමයි මව් අත්හැරදා
ගමෙන් පිටත්වී යන්න සිතා
බබලන විසිතුරු නගරේ සිතේ ඇඳී
සිතේ ඇඳී
කොතරම් ලස්සන දේ ඇතුවත්
ඒ තුළ රැඳෙනා සුළු මොහොතක්
නොපෙනී ඇතිවෙන කරදර මතුවී
නිවස සොයා
නැවතත් අඬ අඬ එයි
අඬ අඬ එයි

ගැහැණු ළමයිනේ
කොහෙද බලා ඉන්නේ
ඉගිලී යන්නද
හිතා බලන්නේ
ගැහැණු ළමයිනේ
අවට අලංකාරයි නේ
සිහිනෙන් දුටුදේ විසිරී යයි

(මේ ගුණපාල, ඔය වට්ටි අම්මගෙ දුවනෙ. කුසුම්ගෙ නංගි. යනෝ ... ඕක මෙන්න මෙහාට දෙ‍නෝ. කෙල්ලන්ට ලෙඩ දාන්නැතුව. ඔයා ඕවා ගණන් ගන්නෙපා. අපි යං. හ්ම්)

ගැහැණු ළමයිනේ ///

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment