Chando Ma Bilinde Song Lyrics - චන්දෝ මා බිලිඳේ ගීතයේ පද පෙළ

Chando Ma Bilinde Song Lyrics - චන්දෝ මා බිලිඳේ ගීතයේ පද පෙළ

Chando Ma Bilinde Song Lyrics - චන්දෝ මා බිලිඳේ ගීතයේ පද පෙළ

Song Title : Chando Ma Bilinde (චන්දෝ මා බිලිඳේ)
ගායනය : පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව සමග සමිතා එරන්දතී මුදුන්කොටුව
පද රචනය : ජන ගීයකි
ස්වර රටා : පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
අමරදේවයන් මෙම ගීය කලින් ගයා ඇත්තේ බෙංගාලි ගායිකා සචිත්‍ර මිත්‍ර සමගිනි.


චන්දෝ මා බිලිඳේ නුඹ නාඬන්
ඉන්දෝ කොමලත නිරිඳුට දාවුන්

පතර බළැති සිරි කුන්ද විදාරණ
විතර බළැති සිරිධර පංචපාලන
බාලොලි ලං ලොලි ලන්න බිලින්ඳේ
නාඬන් දැන් එන්දෑ

දැන් දෙවිඳුන් මට දුන් ගරු රූපා
චන්දන කුංකුමයෙන් සැදි රූපා
රන්ගිර'ගින් පායයි මුළු දීපා
මන්මද දැන් දරු සුන්දර රූපා

චන්දෝ මා බිලිඳේ නුඹ නාඬන්
ඉන්දෝ කොමලත නිරිඳුට දාවුන්

පැන පැන අතු දිග සොඳ දළු කන්නා
ඉඟි බිඟි කරමින් බැම නටවන්නා
වට සිටි පැටවුන් ලඟ කැඳවන්නා
ඔන්න බිලිඳු රිලවුන් පැන යන්නා

චන්දෝ මා බිලිඳේ නුඹ නාඬන්
ඉන්දෝ කොමලත නිරිඳුට දාවුන්

අවර වෙන්න පෙර ගසට නගින්නා
උදා වෙන්න පළමුව හඬලන්නා
සදා පැටවු වට සාරා කන්නා
ඔන්න බිලිඳු සැවුලිඳු හඬලන්නා

චන්දෝ මා බිලිඳේ නුඹ නාඬන්
ඉන්දෝ කොමලත නිරිඳුට දාවුන් //
(බාලොලි ලං ලොලි ලන්න බිලින්ඳේ)

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment