Athu Aga Dili Wana Mal Song Lyrics - අතු අගැ දිලි වන මල් ගීතයේ පද පෙළ

Athu Aga Dili Wana Mal Song Lyrics - අතු අගැ දිලි වන මල් ගීතයේ පද පෙළ
Song Title : Athu Aga Dili Wana Mal (අතු අගැ දිලි වන මල්)
ගායනය : පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
පද රචනය : කලාශූරී අරිසෙන් අහුබුදු
තනුව : පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව


අතු අගැ දිලි වන මල්
පිපෙන්නා
විඳැ විඳැ සඳ සිහිලැල්
මසිත් ඔබ හද සිහිලැල්
ලබාලා පරයයි ඒ හැම මල් //

දෝතලු තුරු එල් වැල්
එලෙන්නා කොහි එගසින් අත් වැල්
මට ඇති ඔබ අත්වැල්
වෙලෙන්නෙම් මම ඔබැ හා හැම කල්

අතු අගැ දිලි වන මල්
පිපෙන්නා
විඳැ විඳැ සඳ සිහිලැල්
මසිත් ඔබ හද සිහිලැල්
ලබාලා පරයයි ඒ හැම මල්

සිඹැ සිඹැ මී අඹ මල්
උරා රොන් ගුම් නද දෙති බිඟු දැල්
මගෙ පෙම් ගී රසු දැල්
එළන්නේ ඔබ වෙනුවෙනි කැරැ ලොල්

අතු අගැ දිලි වන මල්
පිපෙන්නා
විඳැ විඳැ සඳ සිහිලැල්
මසිත් ඔබ හද සිහිලැල්
ලබාලා පරයයි ඒ හැම මල්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment