Aetha Sithijaye Song Lyrics - ඈත සිතිජයේ ගීතයේ පද පෙළ

Aetha Sithijaye Song Lyrics - ඈත සිතිජයේ ගීතයේ පද පෙළ
Song Title : Aetha Sithijaye (ඈත සිතිජයේ)
ගායනය : ෂර්ලි වෛජයන්ත
සංගීතය : ෂර්ලි වෛජයන්ත
ගී පද : ෂර්ලි වෛජයන්ත


ඈත සිතිජයේ හැඩට රුවින්
දිලෙන තරුව ඔබ නම්
මේඝ වලා සළු පට අතරින්
මම ඔබ වෙත එන්නම්

ඉරට මුවාවෙන් සඳට මුවාවෙන්
අපි ඉමු පිළිසඳරේ
රන් දෝලාවෙන් කැඳවා යමි මං
කුමරිය ඔබ මාගේ

සඳලු තලාවේ මුනින් තලාවේ
කඳුළැල් පිරුණු නෙතින්
සමුගන්නම් මම කුමරියේ ඔබගෙන්
ආයෙත් දකිනු රිසින්

මෑත තුෂාරා බිඳු අතරේ
පිපුණු කුසුම ඔබ නම්
සඳ මඩලේ සඳ කුමරියනේ
මම ඔබ සුරකින්නම්
මම ඔබ සුරකින්නම්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment