Wal Mee Wal Himbatu Weera Song Lyrics - වැල් මී වැල් හිඹටු වීර ගීතයේ පද පෙළ

Wal Mee Wal Himbatu Weera Song Lyrics - වැල් මී වැල් හිඹටු වීර ගීතයේ පද පෙළ
Song Title : Wal Mee Wal Himbatu Weera (වැල් මී වැල් හිඹටු වීර)
ගායනය : එඩ්වඩ් ජයකොඩි
පද : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව හා සංගීතය : සෝමපාල රත්නායක


වැල් මී වැල් හිඹටු වීර වැව් ඉවුරෙන් ඇස නොගැසේ
නුම කොතැනේ මා කොතැනේ ගම කොතැනේ කියනු මැනේ //

ගඟේ ඉහළ රිදී දියේ නුඹගේ බඳ තෙමී තෙමී
හැමූ සුවඳ ගඟේ පහළ ඇලේ දොළේ ඉස්මතුවී
රටින් පුයර නොගෑ මුවේ
සඳුන් කැටේ පිරිමැදුනේ
ඒ රස යුවතියම නොවෙද
රට හැරදා නොරට ගියේ

වැල් මී වැල් හිඹටු වීර වැව් ඉවුරෙන් ඇස නොගැසේ
නුම කොතැනේ මා කොතැනේ ගම කොතැනේ කියනු මැනේ

පැල් කවියේ රස තවමත් බුලතේ රස සමග නො ඒ
පන්සල් බිම ගඳකිළියේ ඒ නාමල් සුවඳ නොදේ
උළු කියලා හදා මොටද අපෙ පොල් අතු ඉස්කෝලේ
ගමේ සුවඳ ගමට හොරෙන්
ඇයි දුරු රට අරන් ගියේ

ගමේ සුවඳ ගමට හොරෙන්
ඇයි දුරු රට අරන් ගියේ ///

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment