Sadu Kiyannata Song Lyrics - සාදු කියන්නට ගීතයේ පද පෙළ

Sadu Kiyannata Song Lyrics - සාදු කියන්නට ගීතයේ පද පෙළ
Song Title : Sadu Kiyannata (සාදු කියන්නට)
ගායනය : එඩ්වඩ් ජයකොඩි
පද : පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමි
තනුව : එච්.එම්. ජයවර්ධන


සාදු කියන්නට මල් වට්ටියකට
තෙල් මල් අරගෙන පෙර කාලේ
ආවා මිනිසුන් පෝයට පන්සක්
ගම රට යහපත් ඒ කාලේ
(ගම රට යහපත් ඒ කාලේ)

අසමින් බුදු බණ උන්නා බිම හිඳ
විඳිමින් බණ රස ඒ කාලේ
කියමින් බුදු ගුණ වැන්දා වෙහෙරට
නිවමින් හිත දුක සංසාරේ
(නිවමින් හිත දුක සංසාරේ)

එදා සාදු හඬ මෙදා නැතේ ගම
දියුණුව ඒකද අද කාලේ
මේවා දැක දැක
කම්පා වෙන්නට
උන්නා නොවැ අපි මේ කාලේ
(උන්නා නොවැ අපි මේ කාලේ)

මේවා දැක දැක
කම්පා වෙන්නට
උන්නා නොවැ අපි මේ කාලේ
(උන්නා නොවැ අපි මේ කාලේ) ///

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment