Wimasavi Song Lyrics - විමසාවි ගීතයේ පද පෙළ

Wimasavi Song Lyrics - විමසාවි ගීතයේ පද පෙළ
Song Title : Wimasavi (විමසාවි)
Singing : Sajeewa Dissanayake
Lyrics : Yashodha Adhikari
Melody & Music : Tharindu Rukshan
Mixed & Mastered : @Sanjula Himala @ Reazon Records
Guitar Arrangements : Prakash Ranasinghe & Udara Abeywickrama
Back up vocals @Himaya  Mullegama  @sayumi Mullegama
A Film by @Irushka Bogoda 
Editor & Colorist : Chameera J Hettiarachchi @ 3rdeye Cinema 
Photography : Chathumal Ranasinghe 
Makeup & Hair : Roy Krish 
Starring : Praveena Dissanayake & Chathuranga Kodithuwakku  
Digital Strategist : Melan Wettasinghe @ Spyro Digital


පායා සඳ සේයා
සනහාලා කළා ආරාධනා
පීරා පෙම සීරා
නොඅසාවී ළඳේ මා කාරණා

නුඹෙ නෑඹුල් සිනා
සඳ සේලෙන් වසා
තරු පාරෙන් එහා
යමු ආලෙන් කියා

විමසාවී නුඹෙන් මා මෙදා
නොමදේවී රිදුම් හෝ වේදනා

හීනෙන් පවා දුටු කාලේ පුරා
නුඹගේ දෑස හා යා වුණා
ඈතින් බලා සැනසෙන්නම් කියා
සිතුවේ හීන හීනෙන් වූ නිසා

ආලෙන් බලා ඉමි මා නෙත් විදා
සායම් කෙරූ නුඹ ගාවින් නොයා
විමසාවී නුඹෙන් මා මෙදා
නොමදේවී රිදුම් හෝ වේදනා

මා නෙත් පියා පැතු ප්‍රේමංගනා
නුඹගේ ශ්‍රීය හා සැසඳුනා
ස්නේහෙන් එහා කඳුළෑලෙන් මෙහා
ගැයුනේ ප්‍රේම ගීතේ(ගීයේ) ප්‍රාර්ථනා

ආලෙන් අසා ඔය මායම් කතා
මා පෙම් කෙරූ නුඹ මාගෙයි කියා
විමසාවී නුඹෙන් මා මෙදා
නොමදේවී රිදුම් හෝ වේදනා

විමසාවී නුඹෙන් මා මෙදා
නොමදේවී රිදුම් හෝ වේදනා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment