මැංගෝ (අඹ) ලැසී හදමු (Mango Lassi)

මැංගෝ (අඹ) ලැසී හදමු (Mango Lassi) - Your Choice Way

අද මම කූල් එකේ බොන්න රස වගේම සිසිලක් ගෙන දෙන පෝෂ්‍ය දායි  බීමක් හැදුවා . මැංගෝ (අඹ) ලැසී (Mango Lassi). හරිම ලෙහෙසියි හදන්න . මෙහෙමයි හැදුවේ .

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • අඹ (තරමක් ඉදුණු ඇබුල් නැති අඹ ගන්න. මම ගත්තේ කරත්තකොලොම්බන්)
  • යෝගට් කප් 2
  • සීනි මේස හැදි 1 (තමන්ගේ රස අනුව)
  • අයිස් කැට
  • උඩින් දාන්න කජු සහ වියලි මිදී ටිකක්

✅ සාදා ගන්නා ආකාරය :

  1. පලමුව අඹ සුද්ද කර තරමක කැබලි වලට කපා ගන්න. 
  2. බ්ලෙන්ඩර් එකට මුලින් යෝගට් දාන්න. ඊට පසු අයිස් කැට දාන්න . දැන් අඹ දාලා ඊට උඩින් සීනි දාන්න . ක්‍රීම් වනතුරු බ්ලෙන්ඩ් කරන්න. 
  3. පසුව මෙම අඹ මිශ්‍රණය වීදුරු වලට දමා උඩට කුඩාවට කපා ගත් කජු සහ වියලි මිදි දමා ගානිශ් කර ගන්න . හදලා බලන්න කෝ.
Dhammika Panangala (ධම්මිකා පනංගල)
මැංගෝ (අඹ) ලැසී හදමු (Mango Lassi) - Your Choice Way

මැංගෝ (අඹ) ලැසී හදමු (Mango Lassi) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment