Seetha Pini Bidu Kadulu Salana Song Lyrics - සීත පිණි බිඳු කඳුළු සලනා ගීතයේ පද පෙළ

Seetha Pini Bidu Kadulu Salana Song Lyrics - සීත පිණි බිඳු කඳුළු සලනා ගීතයේ පද පෙළ
Song Title : Seetha Pini Bidu Kadulu Salana (සීත පිණි බිඳු කඳුළු සලනා)
ගායනය : ගුණදාස කපුගේ
පද : කුලරත්න ආරියවංශ
තනුව : රෝහණ වීරසිංහ


සීත පිණි බිඳු කඳුළු සලනා
මලානික තරු වැලපෙනා
පාළු මාවත තනිවෙලා
නැඟණියේ නුඹ කා පතාදෝ 
මඟ බලා ඉන්නේ

සොයුරියන් ලොව වෙසෙන නුඹවත්
සැතපෙනා මේ මැදියමේ //
නුඹට ඒ සුව අහිමි වී ඇත
අඳුරු මහ මඟ උරුම වී ඇත

සීත පිණි බිඳු කඳුළු සලනා
මලානික තරු වැලපෙනා
පාළු මාවත තනිවෙලා
නැඟණියේ නුඹ කා පතාදෝ 
මඟ බලා ඉන්නේ

සොයුරියන් ඇති අයම නුඹ වන්
නිසා මහ මඟ උරුමවූ //
නුඹට ගරහන රුදු ලොවක් මිස
හඳුනගන්නට හදවතක් වෙද

සීත පිණි බිඳු කඳුළු සලනා
මලානික තරු වැලපෙනා
පාළු මාවත තනිවෙලා
නැඟණියේ නුඹ කා පතාදෝ 
මඟ බලා ඉන්නේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment