Dewiyani Obath Mese Nam Song Lyrics - දෙවියනි ඔබත් මෙසේ නම් ගීතයේ පද පෙළ

Dewiyani Obath Mese Nam Song Lyrics - දෙවියනි ඔබත් මෙසේ නම් ගීතයේ පද පෙළ
Song Title : Dewiyani Obath Mese Nam (දෙවියනි ඔබත් මෙසේ නම්)
ගායනය : කරුණාරත්න දිවුල්ගනේ
පද රචනය : ආචාර්ය අජන්තා රණසිංහ
තනුව : එච්.එම්. ජයවර්ධන


දෙවියනි ඔබත් මෙසේ නම්
මා කාට මෙ දුක පවසම්දෝ
ඇය මට දුන් මේ කඳුළැල්
ඔබ ඇයිද නාඳුනන්නේ

මිණි කිකිණි පිපුණු පාදේ
වැහි බිංදු ගීත ගැයුවා
සඳ වලා අප්සරාවෝ
අප වටා සෙමෙර සැලුවා

නිල් නිම්න විල් නෙළුම් මල්
ඇගෙ දෑස පාට කෙරුවා
ඒ පාට දෑසගින් ඈ
මට මන්දහාස නැඟුවා

දෙවියනි ඔබත් මෙසේ නම්
මා කාට මෙ දුක පවසම්දෝ
ඇය මට දුන් මේ කඳුළැල්
ඔබ ඇයිද නාඳුනන්නේ

දේවාති දෙවතාවෝ
පෙම් වරම් අපට පිදුවා
දෙවියන්ට මතක නැති මුත්
මට තාම මතක ඇතුවා

මුළු ලෝකයක් මැවූ ඈ
හිරු සඳුත් තරුද නිව්වා
අවසන් වසන්තයේදී
දෙවියන්ද අහක බැලුවා

දෙවියනි ඔබත් මෙසේ නම්
මා කාට මෙ දුක පවසම්දෝ
ඇය මට දුන් මේ කඳුළැල්
ඔබ ඇයිද නාඳුනන්නේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment