Ara Modu Wela Song Lyrics - අර මෝදු වෙලා ගීතයේ පද පෙළ

Ara Modu Wela Song Lyrics - අර මෝදු වෙලා ගීතයේ පද පෙළ
Song Title : Ara Modu Wela (අර මෝදු වෙලා)
ගායනය : කරුණාරත්න දිවුල්ගනේ
පද රචනය : යසනාත් ධම්මික බණ්ඩාර
තනුව : නවරත්න ගමගේ


අර මෝදු වෙලා සිනා පුරන
සඳ මඬලින් අහන්න
ඇයි දුක් නොවන්නෙ කියා
හිරු කුමරුන් බැස ගියාම

අතු අගට වෙලා හිනා පුරන
මල් යායෙන් අහන්න
ඇයි දුක් නොවන්නෙ කියා
පිපි කුසුමන් පර වුණාම

හඬනවද සඳත් තනියම
තැවෙනවද මලුත් රහසෙම //
ඔබ දන්නවා ද
ඇයි මට විතරක් මේ
ඔබ හැරගියාම

අර මෝදු වෙලා සිනා පුරන
සඳ මඬලින් අහන්න

සිහිනයක පිපී සුන්දර
රැඳේවි ද සොඳුරු යාමෙක //
මගෙ හද යහනත
ඇයි මට විතරක් මේ
ඔබ හැරගියාම

අර මෝදු වෙලා සිනා පුරන
සඳ මඬලින් අහන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment