Amma Kenek Biridak Wela Song Lyrics - අම්මා කෙනෙක් බිරිඳක් වෙලා ගීතයේ පද පෙළ

Amma Kenek Biridak Wela Song Lyrics - අම්මා කෙනෙක් බිරිඳක් වෙලා ගීතයේ පද පෙළ
Song Title : Amma Kenek Biridak Wela (අම්මා කෙනෙක් බිරිඳක් වෙලා)
ගායනය : කරුණාරත්න දිවුල්ගනේ
පද රචනය : රවි සිරිවර්ධන
තනුව : ආචාර්ය රෝහණ වීරසිංහ


අම්මා කෙනෙක් බිරිඳක් වෙලා
ලොව කාට හෝ නුඹ උරුමැතී
සතුටින්ද ඔබ පෙරටත් වඩා
මගේ ඉපැරණි පෙම්වතී //

මමද සැමියෙකි ඇයට අවනත
දෙදරුවන් ළඟ නිවන සරතැස
කාලයේ වැලි තලාවේ
සබඳකම් සැඟවුණාවේ

අම්මා කෙනෙක් බිරිඳක් වෙලා
ලොව කාට හෝ නුඹ උරුමැතී
සතුටින්ද ඔබ පෙරටත් වඩා
මගේ ඉපැරණි පෙම්වතී

අතර මග සුණු විසුණු පැතුමක
මතක මිහිරියි තාම හිත යට
පර වුණත් මල් අතීතේ
සුවඳ හදවත සමීපේ

අම්මා කෙනෙක් බිරිඳක් වෙලා
ලොව කාට හෝ නුඹ උරුමැතී
සතුටින්ද ඔබ පෙරටත් වඩා
මගේ ඉපැරණි පෙම්වතී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment