Sithum Pathu Podi Adare Song Lyrics - සිතුම් පැතුම් පොදි ආදරේ ගීතයේ පද පෙළ

Sithum Pathu Podi Adare Song Lyrics - සිතුම් පැතුම් පොදි ආදරේ ගීතයේ පද පෙළ
Song Title : Sithum Pathu Podi Adare (සිතුම් පැතුම් පොදි ආදරේ)
ගායනය : මිල්ටන් මල්ලවආරච්චි
සංගීතය : එම්.කේ. රොක්සාමි
ගී පද : කරුණාරත්න අබේසේකර


සිතුම් පැතුම් පොදි ආදරේ
බැඳන් ආවේ
ආයාසයකින් කියන්න
බැරි තරමේ

නිලුපුල් දෙනුවන් දැකගන්නයි
සුවඳැල් මුහුලස සිපගන්නයි
සුළැඟිල්ලෙන් ගෙන ලෙළවන්නයි
සිහිලැල් වදනින් සැනසෙන්නයි

සිතුම් පැතුම් පොදි ආදරේ
බැඳන් ආවේ
ආයාසයකින් කියන්න
බැරි තරමේ //

ලියගොමු වියැලී මල් පරවී
අතුකොළ වැහැරී බිම වැටිලා
ඔබ ගිය වග සරණෙක බැඳිලා
කවුද කියයි මට කොඳුරාලා

සිතුම් පැතුම් පොදි ආදරේ
බැඳන් ආවේ
ආයාසයකින් කියන්න
බැරි තරමේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment