Rane Igilenna One Song Lyrics - රෑනේ ඉගිලෙන්න ඕනේ ගීතයේ පද පෙළ

Rane Igilenna One Song Lyrics - රෑනේ ඉගිලෙන්න ඕනේ ගීතයේ පද පෙළ
Song Title : Rane Igilenna One (රෑනේ ඉගිලෙන්න ඕනේ)
පද රචනය : කුලරත්න ආරියවංශ
සංගීතය : අර්නස්ට් සොයිසා
ගායනය : මිල්ටන් මල්ලව ආරච්චි


රෑනේ ඉගිලෙන්න ඕනේ
දෑස පෙනෙනා ඉමේ
විහඟුන් වාගේ පියාඹා
පාවි මේ ගං තෙරේ //

පායා ඈත පායා විසිරේ හිරුගේ ඡායා
පායා ඈත පායා විසිරේ හිරුගේ ඡායා
පිපි මල් නොතලා පිණිලැල් අතුරා
සේයා මැවෙනා උදේ

රෑනේ ඉගිලෙන්න ඕනේ
දෑස පෙනෙනා ඉමේ
විහඟුන් වාගේ පියාඹා
පාවි මේ ගං තෙරේ

පාවී ඈත පාවී පවනේ සැලෙනා රාවේ
පාවී ඈත පාවී පවනේ සැලෙනා රාවේ
දියරැල් අතරේ හැඟුමන් කිමිදේ
මේ ගී ගයනා හදේ

රෑනේ ඉගිලෙන්න ඕනේ
දෑස පෙනෙනා ඉමේ
විහඟුන් වාගේ පියාඹා
පාවි මේ ගං තෙරේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment