Sarasa Wasanthaya Song Lyrics - සරස වසන්තය ගීතයේ පද පෙළ

Sarasa Wasanthaya Song Lyrics - සරස වසන්තය ගීතයේ පද පෙළ

Sarasa Wasanthaya Song Lyrics - සරස වසන්තය ගීතයේ පද පෙළ
Song Title : Sarasa Wasanthaya (සරස වසන්තය)
ගායනය : අනෝමා රාසපුත්‍ර සමඟින් අමරසිරි පීරිස්
පද රචනය : නිලාර් එන්. කාසිම්
සංගීතය : ජගත් ජයවර්ධන


සරස වසන්තය ආයෙත් එනවා නම්
මගේ තරුණ විය මං ඉල්ලා ගන්නම්
අපේ අතීතයෙ මල් මාවත්වල ඇවිදන් යන්නට
සරස වසන්තය ආයෙත් එනවා නම්

ලියූ සුපෙම් කවි හසුන් පුරාවට
පොත් පිටු අතරේ හංගා ගන්නට
බොරු විස්සෝපෙන් අහක බලන්නට
ආයෙත් හමු වී හිනා නඟන්නට
සරස වසන්තය ආයෙත් එනවා නම්

දදෙනෝහක් මැද හිත් හංගන්නට
සැඟවූ ප්‍රේමය නෙතින් කියන්නට
කාත් කවුරුවත් නැති සීමාවක
හොරෙන්ම හමුවී පෙමින් දොඩන්නට
සරස වසන්තය ආයෙත් එනවා නම්

සරස වසන්තය ආයෙත් එනවා නම්
මගේ තරුණ විය මං ඉල්ලා ගන්නම්
අපේ අතීතයෙ මල් මාවත්වල ඇවිදන් යන්නට
සරස වසන්තය ආයෙත් එනවා නම්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment