Nosaleyi Diwi Makulu Asa Song Lyrics - නොසැලෙයි දිවි මකුළු ඇස ගීතයේ පද පෙළ

Nosaleyi Diwi Makulu Asa Song Lyrics - නොසැලෙයි දිවි මකුළු ඇස ගීතයේ පද පෙළ

Nosaleyi Diwi Makulu Asa Song Lyrics - නොසැලෙයි දිවි මකුළු ඇස ගීතයේ පද පෙළ
Song Title : Nosaleyi Diwi Makulu Asa  (නොසැලෙයි දිවි මකුළු ඇස)
ගායනය : අමරසිරි පීරිස්, සමන්ත පෙරේරා සහ පිරිස
පද : ලූෂන් බුලත්සිංහල
තනුව : ප්‍රේමසිරි කේමදාස
1998 දී තිරගතවූ 'ගිණි අවි සහ ගිණි කෙළි' චිත්‍රපටියේ ගීයකි.


නොසැලෙයි
දිවි මකුළු ඇස නොසැලෙයි
නළියයි
අඳුන් දිවි නිය පහුර නළියයි
උකුසු ඇසට නොපෙනී
මහා කළු වෘකයා
ගොදුර ඉව අල්ලයි
මොන නීතියද මේ
මිනිස් වනාන්තරේ

සඳ එළියේ දිව්‍ය ලෝකෙන් පාවී
කුණු කසල වැටි වැටී
නිවී නිවී යයි ගිනිදැල් අපායේ
කුවේරයා ලිස්සා ගිහින් පාතාලේ

විනිසුරු අසුනේ සත් පුරුෂ ප්‍රාණේ
කළු රෙද්දෙන් ඔතලා
අපරාධය හෝ ඝාතකයා හෝ
විනිවිද නොපෙනේ
නීති පොතේ ඉන්ද්‍රජාලේ

ඝාතකයා මිනීමරන්නේ තිරිසනා
විනිසුරුවා නඩු අහන්නේ මිනිසා
මුනිවරයා සමාව දෙන්නේ දෙවියෝ

නොසැලෙයි
දිවි මකුළු ඇස නොසැලෙයි
නළියයි
අඳුන් දිවි නිය පහුර නළියයි
උකුසු ඇසට නොපෙනී
මහා කළු වෘකයා
ගොදුර ඉව අල්ලයි
මොන නීතියද මේ
මිනිස් වනාන්තරේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment