Tharu Werale Song Lyrics - තරු වෙරළේ ගීතයේ පද පෙළ

Tharu Werale Song Lyrics - තරු වෙරළේ ගීතයේ පද පෙළ

Tharu Werale Song Lyrics - තරු වෙරළේ ගීතයේ පද පෙළ
Song Title : Tharu Werale (තරු වෙරළේ)
ගායනය : ගයන්ත විජේරත්න සමඟින් දමිත් අසංක
පද රචනය : ප්‍රියාල් වීරසිංහ
සංගීතය : ගයන්ත විජේරත්න
"රිදී සිත්තම්" ටෙලිනාට්‍යයේ ගීතයකි


තරු වෙරළේ සඳවත සේ..
හිත් අහසේ ඔබ පායා උන්නා..
හිනැහෙමු ඒ පුරහද සේ..
මගෙ මිතුරේ නෙත් කඳුළු පිසදා //

මල් පිපිලා ඇස් මානේ නෙක පැහැයෙන් පුරවා..
හිතට දැනුනා හිත් පතුලට මල් සුවඳක් දැනුනා..
හොරෙන් ඇවිදින් පිණි කඳුලක් සිත් සායම් තිබ්බා..
සුවඳ විතරයි අතැඟිල්ලට හිමි නැතිදෝ මන්දා...

මගෙ ලඟ ඉඳන් ලොකු ඇස් පියන්
වස්සාවී හිත් යායේ වරුසා..
මිතුරේ මගේ නිල්මල් හීනේ..
සුරකීවා ඔය දෑස වගේ //

තරු වෙරළේ සඳවත සේ..

මල් පිපිලා ඇස් මානේ නෙක පැහැයෙන් පුරවා..
සුවඳ විතරයි අතැඟිල්ලට හිමි නැතිදෝ මන්දා...

මගෙ ලඟ ඉදන්.....
තරු වෙරළේ සඳවත සේ....

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment