Ron Podak Wennam Song Lyrics - රොන් පොදක් වෙන්නම් ගීතයේ පද පෙළ

Ron Podak Wennam Song Lyrics - රොන් පොදක් වෙන්නම් ගීතයේ පද පෙළ
Song Title : Ron Podak Wennam (රොන් පොදක් වෙන්නම්)
ගායනය : අතුල අධිකාරි
තනුව : අතුල අධිකාරි
පද : රණීත් බණ්ඩාරනායක


රොන් පොදක් වෙන්නම්
හිනැහෙන මල් මිටක් මැද්දේ
රන් පතක් වෙන්නම්
දිදුලන විල් තෙරක් මැද්දේ
නිම්නයක් වෙන්නම්
සුව දෙන කඳු පෙළක් මැද්දේ
පෙම්වතෙක් වෙන්නම්
සනසන නිල් දෙනෙත් මැද්දේ //

කන් කළුයි ඔබෙ සිනා
සිත් පිනයි ඔබෙ කතා
මේ නිමාව දුන්නේ
කාගේ කවුරුදෝ
නෙත් වශී කරයි ඔයා
පෙම් ලොවක් මවයි මනා
සත්තකින්ම දෙව් දුවක්ද සැංගෙනා

රොන් පොදක් වෙන්නම්
හිනැහෙන මල් මිටක් මැද්දේ
රන් පතක් වෙන්නම්
දිදුලන විල් තෙරක් මැද්දේ
නිම්නයක් වෙන්නම්
සුව දෙන කඳු පෙළක් මැද්දේ
පෙම්වතෙක් වෙන්නම්
සනසන නිල් දෙනෙත් මැද්දේ

සාගරේ කළඹා
මුතු ඇට මාලයක් තනනා
පාවෙලා යමිනා
තරුකැට පේළියක් ගෙනෙනා
සැනසෙනා ලෙසිනා
සඳ මත මල් උයන් මවනා
යම් දිනක් මැවෙනා
ඔබ මට ආදරෙයි කියනා

රොන් පොදක් වෙන්නම්
හිනැහෙන මල් මිටක් මැද්දේ
රන් පතක් වෙන්නම්
දිදුලන විල් තෙරක් මැද්දේ
නිම්නයක් වෙන්නම්
සුව දෙන කඳු පෙළක් මැද්දේ
පෙම්වතෙක් වෙන්නම්
සනසන නිල් දෙනෙත් මැද්දේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment