Ha Ha Lande Song Lyrics - හා හා ළඳේ ගීතයේ පද පෙළ

Ha Ha Lande Song Lyrics - හා හා ළඳේ ගීතයේ පද පෙළ
Song Title : Ha Ha Lande (හා හා ළඳේ)
ගායනය : රොඩ්නි වර්ණකුල
සංගීතය : ඔස්ටින් මුණසිංහ
ගී පද : හෙක්ටර් කුමාරසිරි
වේදිකා නාට්‍යය : බිසෝ


හා හා ලදේ
මගෙ මන මැදුරේ ලදේ
මගෙ රජ දහනේ ලදේ
මගෙ අග බිසවු තොමෝ //

රන් සීනු හඩින් නිල් දිගැසින්
මා මන ලොල් ව‍ඩනා
රන තිසරු ලැමින් පුළුලුකුලින්
මා මන බඳින ලදේ

හා හා ලදේ
මගෙ මන මැදුරේ ලදේ
මගෙ රජ දහනේ ලදේ
මගෙ අග බිසවු තොමෝ //

රන් තෝඩු දමා මාල ‍ගොතා
ඔබෙ ගෙල සරසන්නම්
රන් වියන යටින් පලස මතින්
ඔබ කැදවන් යන්නම්

හා හා ලදේ
මගෙ මන මැදුරේ ලදේ
මගෙ රජ දහනේ ලදේ
මගෙ අග බිසවු තොමෝ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment