Siriyawi Umbawa Mama Kochchiyen Song Lyrics - සිරියාවි උඹව මම කෝච්චියෙන් ගීතයේ පද පෙළ

Siriyawi Umbawa Mama Kochchiyen Song Lyrics - සිරියාවි උඹව මම කෝච්චියෙන් ගීතයේ පද පෙළ
Song Title : Siriyawi Umbawa Mama Kochchiyen (සිරියාවි උඹව මම කෝච්චියෙන්)
ගායනය : රොඩ්නි වර්ණකුල
සංගීතය : සිරිල් පෙරේරා
ගී පද : බන්දුල සරත් වඩුතන්ත්‍රී


සිරියාවි උඹව මම කෝච්චියෙන්
කොළඹ එක්ක යනවා
තේ ඉස්ටෝරුවෙ අපෙ නිවාඩුවක්
ලැබුණ හැටියෙ එනවා
උඹ එව්ව ලියුම මගෙ පෙට්ටගමේ
තවම හිනාවෙනවා
අර කොට්ට උරේ මම ඉඹ ඉඹ තවමත්
සුවසේ නිදියනවා
අර කොට්ට උරේ මම ඉඹ ඉඹ තවමත්
සුවසේ නිදියනවා

හෝ ගාන පොකුණ ගාවට මම උඹෙ අත
අල්ලාගෙන යනවා
සුදු වැල්ල සිඹින කිරි පෙන පිඩු ඇවිදින්
ඔන්න හාදු දෙනවා
රජ ගෙදර ළඟට උඹ එක්ක ගිහින්
හැමදේම කියා දෙනවා
අපි ට්‍රෑම් කාර්වල නැගලා සතොසින්
කොළඹ වටේ යනවා
අපි ට්‍රෑම් කාර්වල නැගලා සතොසින්
කොළඹ වටේ යනවා

එහෙ ගොල්ෆේස් එකෙ උඹ දන්නේ නෑ
අස්ස පැටවු යනවා
ඒව දැකල මගෙ සිරියාවී උඹ
තවත් තුරුල් වෙනවා
සුදු මහත්තැන්ල හිට උඹෙ රුව දැකලා
හොරෙන් හිනා වෙනවා
මේ අප්පුව ඒවා දැක දැක සතුටින්
ආඩම්බර වෙනවා
මේ අප්පුව ඒවා දැක දැක සතුටින්
ආඩම්බර වෙනවා

සිරියාවි උඹව මම කෝච්චියෙන්
කොළඹ එක්ක යනවා
තේ ඉස්ටෝරුවෙ අපෙ නිවාඩුවක්
ලැබුණ හැටියෙ එනවා
උඹ නාඬ ඉඳින් මගෙ රත්තරනේ
මම එන පෝයට එනවා
මේ කුප්පි ලාම්පුවෙ තෙල් ටික ඉවරයි
දැන් මම නවතිනවා

මේ ආදර පුංචි අප්පු

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment