Ranawara Gahe Mal Pipena Kaleta Song Lyrics - රණවරා ගහේ මල් පිපෙන කාලෙට ගීතයේ පද පෙළ

Ranawara Gahe Mal Pipena Kaleta Song Lyrics - රණවරා ගහේ මල් පිපෙන කාලෙට ගීතයේ පද පෙළ

Song Title : Ranawara Gahe Mal Pipena Kaleta (රණවරා ගහේ මල් පිපෙන කාලෙට)
ගායනය : සුනිල් එදිරිසිංහ
පද රචනය : රත්න ශ්‍රී විජේසිංහ
තනුව : පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සරල ගී වැඩසටහනක් තුළින් දොරට වැඩි ගීයකි. එය 2004 දී “සුවඳ මුවරද” සංයුක්ත තැටියටත් 2008 දී “වාදකයාණනි” සංයුක්ත තැටියට හා කැසට් පටයටත් ඇතුළත් වුණා.



රණවරා ගහේ මල් පිපෙන කාලෙට
සඳ සරා කුමරිය ඇවිත් කන්දට
අත වනා කියයි මට ගමට එන්නට
සකි සඳේ ඇඬුම් මිස බැරිය සීපද

වැඩපළේ වහළ උඩ අඬන කොවුලනී
මොකද මේ තොපට නැ.තුවාද බඩගිනී
නම කියා විහිළු කළ කුරුලු දරුවනී
පරවුණා ම එරබදු මලෙත් නෑ පැණී

එනතුරා පැලට අවුරුද්ද දුක නැතී
මඟ බලාන දොරකඩ පුංචි දුව ඇතී
පඩි අරන් හෙට උදේ ගමට යන සකී
නුඹ අතේ ම මට මගෙ කඳුළු යැව්වැකී

රණවරා ගහේ මල් පිපෙන කාලෙට
සඳ සරා කුමරිය ඇවිත් කන්දට
අත වනා කියයි මට ගමට එන්නට
සකි සඳේ ඇඬුම් මිස බැරිය සීපද ////

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment