Jagadanandana Song Lyrics - ජගදානන්දන ගීතයේ පද පෙළ

Jagadanandana Song Lyrics - ජගදානන්දන ගීතයේ පද පෙළ

Jagadanandana Song Lyrics - ජගදානන්දන ගීතයේ පද පෙළ
Song Title : Jagadanandana (ජගදානන්දන)
ගායනය : මහාචාර්ය සනත් නන්දසිරි සමග පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
පද රචනය : ආචාර්ය අජන්තා රණසිංහ
තනුව : මහාචාර්ය සනත් නන්දසිරි


ජගදානන්දන මහා කාරුණික
සිරසා වන්දන ශීල ගුණෝපිත
අනූපමේය වූ එවන් නාමයට
නමස්‌කාර වේවා

අහස උසට නැගි සවනක්‌ ඝණරැස්‌
කේතු මාලාවෝ
මොහඳුර විනිවිද තිමිර පටල බිඳ
භවාග්‍රයේ විහිදෙන යාමේ
සවනේ ගෙවා දත්
මහා ඥාණයට
නමස්‌කාර වේවා
නමස්‌කාර වේවා

ජගදානන්දන මහා කාරුණික
සිරසා වන්දන ශීල ගුණෝපිත
අනූපමේය වූ එවන් නාමයට
නමස්‌කාර වේවා
නමස්‌කාර වේවා

මහී තලය මත සදා සරණ බඳු
දයා සමුදාවෝ
ගලා බසින සඳ
නිවා අග්නි කඳ
පුදා ප්‍රණාමය පා මඬලේ
පාරමි පූරිත විපුල වීර්යයට
නමස්‌කාර වේවා
නමස්‌කාර වේවා

ජගදානන්දන මහා කාරුණික
සිරසා වන්දන ශීල ගුණෝපිත
අනූපමේය වූ එවන් නාමයට
නමස්‌කාර වේවා

නමස්‌කාර වේවා/////

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment