Pini Kandula Mama Song Lyrics - පිනි කඳුළ මම ගීතයේ පද පෙළ

Pini Kandula Mama Song Lyrics - පිනි කඳුළ මම ගීතයේ පද පෙළ
Song Title : Pini Kandula Mama (පිනි කඳුළ මම)
ගායනය : දීපිකා ප්‍රියදර්ශනී
පද රචනය : සුනිල් ආර් ගමගේ
තනුව හා සංගීතය : ආචාර්ය රෝහණ වීරසිංහ


පිනි කඳුළ මම
මල් කැකුළ සිඹ
මල් පුසුඹ හැර ගිය
පිනි කඳුළ මම
මල් කැකුළ මම
පිනි කඳුළ ගැන සෝ තැවුල් උහුලන
මල් කැකුළ මම

සෙනෙහසේ රළු මිහිර විඳ
සේද පෙති මත හීන නොදකී ඔබ

සීත දිය පිරි විසල් විල
තනි පැදුර පිට සිතට නොපෙනේ ඔබ

පිනි කඳුළ මම
මල් කැකුළ සිඹ
මල් පුසුඹ හැර ගිය
පිනි කඳුළ මම
මල් කැකුළ මම
පිනි කඳුළ ගැන සෝ තැවුල් උහුලන
මල් කැකුළ මම

ක්ෂිතිජයේ දුර ඈත හිඳ
දෑත දිගුකොට දුක කියන්නී ඔබ

මේඝයක් වී නිහඬ වෙමි
සාධු සිතකට වාසනාවයි ඔබ

පිනි කඳුළ මම
මල් කැකුළ සිඹ
මල් පුසුඹ හැර ගිය
පිනි කඳුළ මම
මල් කැකුළ මම
පිනි කඳුළ ගැන සෝ තැවුල් උහුලන
මල් කැකුළ මම

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment