Ektam Malige Song Lyrics - එක්ටැම් මාලිගේ ගීතයේ පද පෙළ

Ektam Malige Song Lyrics - එක්ටැම් මාලිගේ ගීතයේ පද පෙළ
Song Title : Ektam Malige (එක්ටැම් මාලිගේ)
ගායනය : කරුණාරත්න දිවුල්ගනේ
පද : රත්න ශ්‍රී විජේසිංහ
තනුව : එච්.එම්. ජයවර්ධන


එක්ටැම් මාලිගේ
සොඳුරු හිරකාරියේ
නේත්‍ර උන්මාද වූ
රුසිරු චිත්‍රාවියේ //

කඳුළු උල්පත වසා
ගැලුව ඉතිහාසයේ
මලවි රණ බිම් පෙතේ
දිණුව රණ ශූරියේ
නේත්‍ර මංගල්‍යයේ
මඟුල් සක් හඬ ඔබේ

එක්ටැම් මාලිගේ
සොඳුරු හිරකාරියේ
නේත්‍ර උන්මාද වූ
රුසිරු චිත්‍රාවියේ

ඈත දුර සක්වළේ
තාරකා මණ්ඩලේ
සහස් වසරක් පුරා
දිලෙන ප්‍රේමය ඔබේ
තියුණු අසිපත නොවේ
තියුණු ප්‍රේමය නුඹේ

එක්ටැම් මාලිගේ
සොඳුරු හිරකාරියේ
නේත්‍ර උන්මාද වූ
රුසිරු චිත්‍රාවියේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment