Peras Mudda Denna Song Lyrics - පේරැස් මුද්ද දෙන්න ගීතයේ පද පෙළ

Peras Mudda Denna Song Lyrics - පේරැස් මුද්ද දෙන්න ගීතයේ පද පෙළ
Song Title : Peras Mudda Denna (පේරැස් මුද්ද දෙන්න)
ගායනය : කරුණාරත්න දිවුල්ගනේ
පද : රත්න ශ්‍රී විජේසිංහ
තනුව : ගුණදාස කපුගේ


පේරැස් මුද්ද දෙන්න
පුංචි වැඩියි ඇඟිලි නුඹේ
හීනෙන් සකුන්තලා වෙන්න හදන බාල නඟේ
හෝපළු වනන්තරේ හෝපළු වනන්තරේ //

ඇවිදින් මාල ගිරව්
වැඩපොළ ළඟට නුඹේ
දන්නා තරම් සින්දු
කියාවි වතුර වගේ
ඒවයෙ තේරුම් නෑ
කිසි පොතපතක අපේ
ඒවයෙ තේරුම් නෑ
කිසි පොතපතක අපේ

පේරැස් මුද්ද දෙන්න
පුංචි වැඩියි ඇඟිලි නුඹේ
හීනෙන් සකුන්තලා වෙන්න හදන බාල නඟේ
හෝපළු වනන්තරේ හෝපළු වනන්තරේ //

ලස්සන කුමාරයින්
දොර ඇර හීන කඩේ
හරි ලාභයි කියාවි
පඩි දෙන දාට නුඹේ
ඒ හැම හීනයක්ම ණයටයි
පොලිය අපේ
ඒ හැම හීනයක්ම ණයටයි
පොලිය අපේ

පේරැස් මුද්ද දෙන්න
පුංචි වැඩියි ඇඟිලි නුඹේ
හීනෙන් සකුන්තලා වෙන්න හදන බාල නඟේ
හෝපළු වනන්තරේ හෝපළු වනන්තරේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment