Bidunu Pem Hada Niwalannata Song Lyrics - බිඳුණු පෙම් හද නිවාලන්නට ගීතයේ පද පෙළ

Bidunu Pem Hada Niwalannata Song Lyrics - බිඳුණු පෙම් හද නිවාලන්නට ගීතයේ පද පෙළ
Song Title : Bidunu Pem Hada Niwalannata (බිඳුණු පෙම් හද නිවාලන්නට)
ගායනය : ගුණදාස කපුගේ
පද : වසන්ත බණ්ඩාර දිසානායක
තනුව : ගුණදාස කපුගේ


බිඳුණු පෙම් හද නිවාලන්නට
කඳුළ නුඹ ආ දා
අඳුර රජයන හුදකලාවෙක
නුඹට පෙම් බැන්දා

පරාජිත වූ නෙතින් ගිලිහී
ජීවිතෙන් පිදු ආදරේ //
නිමා වූ සිහිවටන පමණෙකි
දෙනෙත් දෑලේ ඉදිවුණේ
කඳුළ නුඹ පිපුණා
දැවී ගිනිගත් පෙම් සුසානේ
කඳුළු මල් පිපුණා

බිඳුණු පෙම් හද නිවාලන්නට
කඳුළ නුඹ ආ දා
අඳුර රජයන හුදකලාවෙක
නුඹට පෙම් බැන්දා

ප්‍රේම ආතුරයන් වෙලා
ජීවිතේ තනි මංසලේ //
දිනෙක ඇය මා අමුත්තන් සේ
යළිත් හමුවේවී
කඳුළ නුඹ නාඬන්
දුරස් වන්නේ නැතේ නුඹ මා 
කඳුළ නුඹ නාඬන්

බිඳුණු පෙම් හද නිවාලන්නට
කඳුළ නුඹ ආ දා
අඳුර රජයන හුදකලාවෙක
නුඹට පෙම් බැන්දා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment