Premaye Mandahasini Song Lyrics - ප්‍රේමයේ මන්දහාසිනී ගීතයේ පද පෙළ

Premaye Mandahasini Song Lyrics - ප්‍රේමයේ මන්දහාසිනී ගීතයේ පද පෙළ
Song Title : Premaye Mandahasini (ප්‍රේමයේ මන්දහාසිනී)
ගායනය : කරුණාරත්න දිවුල්ගනේ
පද රචනය : කුලරත්න ආරියවංශ
තනුව : ආචාර්ය රෝහණ වීරසිංහ


ප්‍රේමයේ මන්දහාසිනී
යෞවනේ සිහින සාධනී
නීල නයන නිල් දියේ
සීත නලින නිම්නයේ
පාව යයි සුන්දරයි ජීවිතේ
ප්‍රේමයේ මන්දහාසිනී

තාරකා නිවා දමන්න නෙත් කැලුම් විදා
මා සිතේ විඩා නිවන්න පෙම් පවන් සලා //
සඳත් වසන් වෙලා රැයක් මුදුන් කළා //
පාව යයි සුන්දරයි ජීවිතේ

ප්‍රේමයේ මන්දහාසිනී
යෞවනේ සිහින සාධනී
නීල නයන නිල් දියේ
සීත නලින නිම්නයේ
පාව යයි සුන්දරයි ජීවිතේ
ප්‍රේමයේ මන්දහාසිනී

මාලතී වනේ රැඳෙම්ද මල් යහන් තලා
මී විතේ අමා පුරම්ද රත් ලවන් පෙලා //
සුසුම් පවන් ගලා හැඟුම් දියත් කලා //
පාව යයි සුන්දරයි ජීවිතේ

ප්‍රේමයේ මන්දහාසිනී
යෞවනේ සිහින සාධනී
නීල නයන නිල් දියේ
සීත නලින නිම්නයේ
පාව යයි සුන්දරයි ජීවිතේ
ප්‍රේමයේ මන්දහාසිනී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment