Obe Upan Dine Song Lyrics - ඔබේ උපන් දිනේ ගීතයේ පද පෙළ

Obe Upan Dine Song Lyrics - ඔබේ උපන් දිනේ ගීතයේ පද පෙළ
Song Title : Obe Upan Dine (ඔබේ උපන් දිනේ)
ගායනය : මිල්ටන් මල්ලවාරච්චි
පද : කේ.ඩී.කේ. ධර්මවර්ධන
තනුව : පැට්‍රික් දෙනිපිටිය
1974 දී නිකුත් කළ "ඔබේ උපන් දිනේ" EP තැටියට (මුල් ගී තැටිය) ඇතුළත් වූ ගීයකි.(තැටි අංක Gemtone / OME 12)


ඔබේ උපන් දිනේ
අදයි ඔබේ උපන් දිනේ
මේ පැතුම් මගේ ආදරේ
දිගු කල් යෙහෙන් සැරදේ
සඳ මෙන් පිරී දිලී ගුවන් තලේ

මා හා කියූ දේ ළංවී මුවින්
ගිලිහී ගියාදෝ ඔබගේ හදින්
කම් නෑ එයින් මා නොසැලී හිඳිම්
පිළිගන්වමී මගේ රුවන් පැතුම්

ඔබේ උපන් දිනේ
අදයි ඔබේ උපන් දිනේ
මේ පැතුම් මගේ ආදරේ
දිගු කල් යෙහෙන් සැරදේ
සඳ මෙන් පිරී දිලී ගුවන් තලේ

ඉවත හෙලාලා සෙනෙහේ කැළුම්
ඇයි මා පෙළන්නේ නොදොඩා මුවින්
කම් නෑ එයින් මා නොසැලී හිඳිම්
පිළිගන්වමී මගේ රුවන් පැතුම්

ඔබේ උපන් දිනේ
අදයි ඔබේ උපන් දිනේ
මේ පැතුම් මගේ ආදරේ
දිගු කල් යෙහෙන් සැරදේ
සඳ මෙන් පිරී දිලී ගුවන් තලේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment