Obe Sinawe Song Lyrics - ඔබේ සිනාවේ ගීතයේ පද පෙළ

Obe Sinawe Song Lyrics - ඔබේ සිනාවේ ගීතයේ පද පෙළ
Song Title : Obe Sinawe (ඔබේ සිනාවේ)
ගායනය : මිල්ටන් මල්ලවාරච්චි
පද : කේ.ඩී.කේ. ධර්මවර්ධන
තනුව : සරත් දසනායක
1975 දී "ලෝටස්" ලේබලයෙන් නිකුත්වූ "ඔබේ සිනාවේ" තැටියට (මුල් ගී තැටිය) ඇතුළත් වූ ගීයකි.


ඔබේ සිනාවේ
සිනා ඉනාවේ
හැඟුම් රැඳී මාගේ
මත් විහඟුන් වාගේ
ලැගුම්  සොයාවී සොයාවී සොයාවී

ඔබ කාගේ කවුද කියා මා තව නෑ දන්නේ
සිත බැඳුණේ මන්ද කියා නෑ මට වැටහෙන්නේ
සිනාවේ
ඉනාවේ
ගැටී මා
දැවේ දෝ

ඔබේ සිනාවේ
සිනා ඉනාවේ
හැඟුම් රැඳී මාගේ
මත් විහඟුන් වාගේ
ලැගුම්  සොයාවී සොයාවී සොයාවී

ඔබ ළඟටයි මටත් හොරා මගෙ සිත පැන ආවේ
එනමුදු එක වදනක් හෝ නෑ තව ඔබ කීවේ
සිනාවේ
ඉනාවේ
ගැටී මා
දැවේ දෝ

ඔබේ සිනාවේ
සිනා ඉනාවේ
හැඟුම් රැඳී මාගේ
මත් විහඟුන් වාගේ
ලැගුම්  සොයාවී සොයාවී සොයාවී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment