Man Samanalayek Thamayi Song Lyrics - මං සමනලයෙක් තමයි ගීතයේ පද පෙළ

Man Samanalayek Thamayi Song Lyrics - මං සමනලයෙක් තමයි ගීතයේ පද පෙළ
Song Title : Man Samanalayek Thamayi (මං සමනලයෙක් තමයි)
ගායනය : කරුණාරත්න දිවුල්ගනේ
පද රචනය : රත්න ශ්‍රී විජේසිංහ
තනුව : ආචාර්ය රෝහණ වීරසිංහ


මං සමනලයෙක් තමයි
මට පහර දෙන්න කඳුළු වායුවෙන්
මල් මුදලාලිට කරදරයක් නම්
මගෙ මල් කුමාරියට දුක නැති නම්
මගෙ මල් කුමාරියට දුක නැති නම්

මල් මුදලාලිගෙ ඇඟිලි වලට හිරවී ගොරහැඩී
සුදු රෝස පාට කම්මුල් වැනි සිවුමැලි මල් පෙති
දෙයි හාමුදුරුවනේ හොඳටම මළකඩ කා ඇති

මං සමනලයෙක් තමයි
මට පහර දෙන්න කඳුළු වායුවෙන්
මල් මුදලාලිට කරදරයක් නම්
මගෙ මල් කුමාරියට දුක නැති නම්
මගෙ මල් කුමාරියට දුක නැති නම්

එක සමනලයෙක් නැති වුණාට උයනට කම් නැතී
ඒත් මල් සුවඳට වැට බඳින්න බැරිවෙයි පෙම්වතී
ඔව් පහර දෙන්න මහත්වරුණි මරණය යහපතී

මං සමනලයෙක් තමයි
මට පහර දෙන්න කඳුළු වායුවෙන්
මල් මුදලාලිට කරදරයක් නම්
මගෙ මල් කුමාරියට දුක නැති නම්
මගෙ මල් කුමාරියට දුක නැති නම්

මං සමනලයෙක් තමයි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment