Mannaram Bas Eka Song Lyrics - මන්නාරම් බස් එක ගීතයේ පද පෙළ

Mannaram Bas Eka Song Lyrics - මන්නාරම් බස් එක ගීතයේ පද පෙළ
Song Title : Mannaram Bas Eka (මන්නාරම් බස් එක)
ගායනය : කරුණාරත්න දිවුල්ගනේ
පද රචනය : සමුද්‍ර වෙත්තසිංහ
තනුව : සුනිල් දයානන්ද කෝනාර


මන්නාරම් බස් එක නෑ තාමත් ආවේ
පිරිත් කියා නතර වුණා රජරට සේවේ
අප්පච්චී ඇයි තව නාවේ
මේ මැදියම් යාමේ

සංහිඳ ළඟ දේවාලේ යාතිකා ගොළුයි
චෙට්ටියාර්ගේ කඩේ රෑ පාන නිවෙයි //
නූල් පොටක් නැති අහසේ කළුවර පමණයි
රෑ කළුවර පමණයි

වන්නි වනන්තරේ නපුරු යුද ගිනි පුපුරයි
අම්මා නැති ලේන් පැටව් හීනෙන් බය වෙයි //
හීන දකින අප්පච්චී කළුවර නපුරුයි
රෑ කළුවර නපුරුයි

මන්නාරම් බස් එක නෑ තාමත් ආවේ
පිරිත් කියා නතර වුණා රජරට සේවේ
අප්පච්චී ඇයි තව නාවේ
මේ මැදියම් යාමේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment