La Dalu Bopath Song Lyrics - ළා දළු බෝපත් ගීතයේ පද පෙළ

La Dalu Bopath Song Lyrics - ළා දළු බෝපත් ගීතයේ පද පෙළ
Song Title : La Dalu Bopath (ළා දළු බෝපත්)
ගායනය : කරුණාරත්න දිවුල්ගනේ
පද රචනය : පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමි
තනුව : එච්.එම්. ජයවර්ධන


ළා දළු බෝපත්
සෙමින් සැළෙනසේ
යසෝධරාදේවී
වාවනු බැරි තැන රහසේ හැඬුවා
පෙර සංසාරේ ඇසුර මතක්වී
ළා දළු බෝපත්
සෙමින් සැළෙනසේ

ලේන කුලේ සිට ආගිය මඟ තොට
සිටියා නොසැළෙන පහන් ටැඹක්වී
නිවන් දකින තුරු මේ සංසාරේ
පසුපස ආවා සෙවණැල්ලක් වී

ළා දළු බෝපත්
සෙමින් සැළෙනසේ
යසෝධරාදේවී
වාවනු බැරි තැන රහසේ හැඬුවා
පෙර සංසාරේ ඇසුර මතක්වී

තැළී සෙනේ සිත සැළී හඬන විට
වැටී දෙපා ලඟ යසෝධරාවෝ
පිපී නිවන් මල් සාධුකාර දී
නිවී පහන් විය උදෑසනක් සේ

ළා දළු බෝපත්
සෙමින් සැළෙනසේ
යසෝධරාදේවී
වාවනු බැරි තැන රහසේ හැඬුවා
පෙර සංසාරේ ඇසුර මතක්වී
ළා දළු බෝපත්
සෙමින් සැළෙනසේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment