Malmada Kumari Song Lyrics - මල්මද කුමරී ගීතයේ පද පෙළ

Malmada Kumari Song Lyrics - මල්මද කුමරී ගීතයේ පද පෙළ

Malmada Kumari Song Lyrics - මල්මද කුමරී ගීතයේ පද පෙළ
Song Title : Malmada Kumari (මල්මද කුමරී)
ගායනය : නාලිනී රණසිංහ සමගින් මිල්ටන් මල්ලවාරච්චි
පද : සරත් විමලවීර
තනුව : එම්.කේ. රොක්සාමි
1974 දී තිරගතවූ ජීවන ගංගා චිත්‍රපටියේ ගීයකි.


මල්මද කුමරී මංගල ගමනේ
පෙම් සිතුවිල්ලයි හද මුමුණන්නේ
හද මුමුණන්නේ
සහන් එළිය කවදද ළං වන්නේ

මල්මද කුමරී මංගල ගමනේ
මල්මද කුමරී

චන්දන යහනේ මල් රොන් තවරා
විල්ලුද ඇතිරිලි අතුරන්නම්
පින්බර සොඳුරියෙ ඔබ එහි සතපා
කන්කළු ගීයෙන් සනසන්නම්
සනසන්නම්

මල්මද කුමරී මංගල ගමනේ
පෙම් සිතුවිල්ලයි හද මුමුණන්නේ
හද මුමුණන්නේ
සහන් එළිය කවදද ළං වන්නේ

මල්මද කුමරී මංගල ගමනේ
මල්මද කුමරී

දිසා වසා යන ලතාමඬුලු වී
ඔබ වෙත සෙවණ ම සලසන්නම්
මගේ අරාජික දෙවොලේ රජයන
සපුමල් කුමරා ඔබ වේ නම්
සැනසෙන්නම්
පැතුම් විමානෙට පිවිසෙන්නම්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment