Hitha Assata Heena Godak Song Lyrics - හිත අස්සට හීන ගොඩක් ගීතයේ පද පෙළ

Hitha Assata Heena Godak Song Lyrics - හිත අස්සට හීන ගොඩක් ගීතයේ පද පෙළ
Song Title : Hitha Assata Heena Godak (හිත අස්සට හීන ගොඩක්)
ගායනය : අතුල අධිකාරි
තනුව : මල්ක මල්ලව
ගී පද : ආරාධනා ඒකනායක


හිත අස්සට හීන ගොඩක් ගෙනල්ලා දුන්නු
ඔය ඇස් දෙක අමතක කර හිඳින්නෙ කොහොම
සුළඟ වගෙ මා අතහැර දුරක යන්නට
වරද මගෙ රත්තරනෙ කියලා දෙන්න

කඳුලක් කඳුලක් ගානෙ පෙම දියකරලා
සුසුමක් ගානෙ හදවත දුක් ගිනි අවුලා
අමතක කරලන්නට බෑ මට නම් කිසිදා
ආදරේ කියා දුන්න ආදරි ඔයා

දැවුණත් දැවුණත් මියගිය පෙම සිහිකරලා
සුවඳක්වත් නෑ මතකයෙ අදනම් රැඳිලා
අමතක කරලන්නට බෑ මටනම් කිසිදා
ජීවිතේ කියා දුන්නු ආදරී ඔයා

හිත අස්සට හීන ගොඩක් ගෙනල්ලා දුන්නු
ඔය ඇස් දෙක අමතක කර හිඳින්නෙ කොහොම
සුළඟ වගෙ මා අතහැර දුරක යන්නට
වරද මගෙ රත්තරනෙ කියලා දෙන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment