Ge Kirilliye Song Lyrics - ගේ කිරිල්ලියේ ගීතයේ පද පෙළ

Ge Kirilliye Song Lyrics - ගේ කිරිල්ලියේ ගීතයේ පද පෙළ
Song Title : Ge Kirilliye (ගේ කිරිල්ලියේ)
ගායනය : කරුණාරත්න දිවුල්ගනේ
පද රචනය : රවි සිරිවර්ධන
තනුව : ආචාර්ය රෝහණ වීරසිංහ


ගේ කිරිල්ලියේ නුඹ
කොයි ඉසව්වකද නොදැනේ
අපි අපට අහිමි සඳ
පැටවුන්ට නොවෙද රිදුනේ //
ගේ කිරිල්ලියේ

මහ රැයේ මගේ තුරුලට ගුලි වී
උන් නුඹයි සොයා හැඬුවේ සොඳුරී //
දං කිරි වෙනුවට මුළු රෑ ඇහැරි
මං මගේ කඳුළු පෙව්වා සොඳුරී

ගේ කිරිල්ලියේ

අප දෙමඟ ගියත් කුලගෙය ඇවිළී
පැටවුන්ට විසයි ඒ දුක සොඳුරී //
යස ඉසුරු මොටද සෙනෙහස ගිලිහී
උඹ උන්ට එකම අම්මා සොඳුරී

ගේ කිරිල්ලියේ නුඹ
කොයි ඉසව්වකද නොදැනේ
අපි අපට අහිමි සඳ
පැටවුන්ට නොවෙද රිදුනේ
ගේ කිරිල්ලියේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment