Gahaka Mal Pipila Song Lyrics - ගහක මල් පිපිලා ගීතයේ පද පෙළ

Gahaka Mal Pipila Song Lyrics - ගහක මල් පිපිලා ගීතයේ පද පෙළ
Song Title : Gahaka Mal Pipila (ගහක මල් පිපිලා)
ගායනය : කරුණාරත්න දිවුල්ගනේ
පද රචනය : යමුනා මාලිනී පෙරේරා
තනුව : ගුණදාස කපුගේ


ගහක මල් පිපිලා
පිපෙන්නේ ඇයිද නොදන්නෙමී
හිතක මල් පිපිලා
පිපෙන්නේ ඇයිද නොදන්නෙමී
නුඔට සිත බැඳුණේ කිමැයි මා
තවම නොදන්නෙමී
නුඹට සිත බැඳි කාරණේ මම
තවම සොයන්නෙමී

කතරෙ වැලිකැට හිරුට පෙම් බැඳ
ඇතත් ලෝ දහමෙන්
සොඳුරු වැස්‌සට දැවෙන කතරක්‌
ආදරෙයි පණමෙන්
ලොවට නොපෙනෙන අරුම සෙනෙහස
ඒ වගෙයි මනරම්
කරනු බැරි තහනම්

ගහක මල් පිපිලා
පිපෙන්නේ ඇයිද නොදන්නෙමී
හිතක මල් පිපිලා
පිපෙන්නේ ඇයිද නොදන්නෙමී

සඳට සදහට සෙනේ පෑ මුත්
උදුල තරු කැටයම්
හිරුට පෙම් බැඳි එකද තරුවක්‌
සිටිය නොහැකිද යම්
නුඹට නොහැඟෙන මගේ ප්‍රේමය
ඒ වගෙයි මනරම්
පුදුම වෙයි නුඹ නම්

ගහක මල් පිපිලා
පිපෙන්නේ ඇයිද නොදන්නෙමී
හිතක මල් පිපිලා
පිපෙන්නේ ඇයිද නොදන්නෙමී
නුඔට සිත බැඳුණේ කිමැයි මා
තවම නොදන්නෙමී
නුඹට සිත බැඳි කාරණේ මම
තවම සොයන්නෙමී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment