Ayi Kandulu Bindu Manamalige Song Lyrics - ඇයි කඳුළු බිංදු මනමාලිගෙ ගීතයේ පද පෙළ

Ayi Kandulu Bindu Manamalige Song Lyrics - ඇයි කඳුළු බිංදු මනමාලිගෙ ගීතයේ පද පෙළ
Song Title : Ayi Kandulu Bindu Manamalige (ඇයි කඳුළු බිංදු මනමාලිගෙ)
ගායනය : කරුණාරත්න දිවුල්ගනේ
පද රචනය : රත්න ශ්‍රී විජේසිංහ
තනුව : ගුණදාස කපුගේ


ඇයි කඳුළු බිංදු මනමාලිගෙ
මල් පොකුරේ රෝස කම්මුලේ
අද විතරක්වත් හිනාවෙන්න
කුසුම් නංගීයේ //

තටු කැඩී අතීතය හඬාවී
මගේ පුංචි පාළු කැදැල්ලේ //
ඒත් හීනෙන්වත් නුඹට දුකක්
වෙන්න එපා රත්තරන් නගේ

ඇයි කඳුළු බිංදු මනමාලිගෙ
මල් පොකුරේ රෝස කම්මුලේ
අද විතරක්වත් හිනාවෙන්න
කුසුම් නංගීයේ

තනා හිත ගිය තැන මාලිගාව
නිදාගන්න සිරි යහන් ගැබේ //
මම කරුණාවයි නැහැ තරහක්
ජාති ජාතිවත් මගේ හිතේ

ඇයි කඳුළු බිංදු මනමාලිගෙ
මල් පොකුරේ රෝස කම්මුලේ
අද විතරක්වත් හිනාවෙන්න
කුසුම් නංගීයේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment