Hitiya Eda Nam Song Lyrics - හිටියා එදා නම් ගීතයේ පද පෙළ

Hitiya Eda Nam Song Lyrics - හිටියා එදා නම් ගීතයේ පද පෙළ
Song Title : Hitiya Eda Nam (හිටියා එදා නම්)
ගායනය : කරුණාරත්න දිවුල්ගනේ
පද රචනය : මහින්ද දිසානායක
තනුව : ආචාර්ය රෝහණ වීරසිංහ


හිටියා එදා නම්
හිටියා එදා නම් මගෙ ළඟ තනියට
නුඹ නෑ අද මම විතරයි තනියම
හිටියා එදා නම් මගෙ ළඟ තනියට
නුඹ නෑ අද මම විතරයි තනියම

මගේ හිසට සෙවණැල්ල නුඹේ අත
වෙන්නම් කීවා මතකද නුඹ මට
මා හැර නුඹ ගිය හින්දා ඈතක
මගේ හිසට සෙවණැල්ල මගේ අත

හිටියා එදා නම් මගෙ ළඟ තනියට
නුඹ නෑ අද මම විතරයි තනියම

නුඹගේ මුහුණට පරාද පුර හඳ
දුටු තැන මට හරි හිරිහැර කරදර
මා හැර යන දා නුඹ පසු පස ගිය
මගෙ හිත ආවේ නෑ තව ඔතැනද

හිටියා එදා නම්
හිටියා එදා නම් මගෙ ළඟ තනියට
නුඹ නෑ අද මම විතරයි තනියම
හිටියා එදා නම් මගෙ ළඟ තනියට
නුඹ නෑ අද මම විතරයි තනියම

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment