ඉතිහාස කතා රැසක් සැගවී - දෝව රජමහා විහාරය ♥️☸️☘️🌿 (Dowa Rajamaha Viharaya)

ඉතිහාස කතා රැසක් සැගවී - දෝව රජමහා විහාරය ♥️☸️☘️🌿 (Dowa Rajamaha Viharaya) - Your Choice Way

අද අපි කතා කරන්න යන්නේ තවත් ඉතිහාස කතා රැසක් තියෙන පුදබිමක් ගැන...

ඒ නමින් දෝව රජ මහා විහාරයයි...වළගම්බා රජු කලක් සැගවී සිටි සථානයක් ලෙස මෙය සැලකෙනවා...

මෙහි අඩි 38 ක ගල් ප්‍රපාතයෙහි කැටයම් කල අසම්පූර්ණ බුද්ධ ප්‍රතිමාවක් දක්නට ලැබෙනවා.

එසේම වලගම්බා රජු භාවිතා කල රහස් උමගක්ද මෙහි දක්නට ඇති අතර එහි අවසානයක් මේ දක්වා සොයාගෙන නැහැ.

මෙම විහාරය බණ්ඩාරවෙල සිට බදුල්ල මාර්ගයේ කි.මී. 6 පමණ ගිය විට පිහිටා තිබෙනවා.

"රජුනගේ දෑතින් නිමවූ බුදු රජුනගේ ප්‍රථිමාවකි. ප්‍රථිමාවෙහි දෙපා මුල වන ගල් තලාවකි. 

ගල් තලාව අවසානයෙහි වන ගල් ලෙනකි. 

ගල් ලෙනෙ මුල්ලෙහි වන විසල් උමගකි. 

උමගෙහි සැඟව ගිය හෙළ රජ ඉතිහාසයකි."

ඉතිහාස පොත් පත් හී මෙම විහාරය සඳහන් වනනේ කුඹල්තිස්ස ආරියකර විහාරය ලෙසින්.

පසු කලෙක මෙම විහාරය දෝව රජ මහා විහාරය ලෙසට පත් වී තිබෙනවා.

මෙහි විහාර ගෘහයද නෙත් පිනවන සුළුයි.

එහි වළගම්බා රජ සමයට අයත් චිත්‍ර හා මහනුවර යුගයට අයත් චිත්‍රද දැකිය හැකිය. 

 කටාරම් කෙටූ ගල්ලෙන තුළ පවතින බොහෝ නිර්මාණ වසර 400 කට පමණ ඉහතදී නිර්මාණය වූ බවයි කියවෙන්නේ.

මෙහි ඇති අනර්ඝ මකර තොරණ හා ගල් උළුවහු වර්ෂ 1800 දී පමණ නිර්මාණය කරන ලදක්.

ලංකාවේ ස්ථාන තුනකදී පමණක් දැකිය හැකි යක්‍ෂ රූප දෙකක් මෙහි දක්නට ලැබීම විශේෂත්වයක්.

සියවටුක හා අගෝර නම් වූ මෙම යක්‍ෂ සේනාධිපතියන් පන්සල හා කෝවිල් ආරක්‍ෂා කරන බැවින් ඒ සඳහා නිමවා ඇති බවක්ද සදහන් වෙනවා.

වළගම්බා රජ දවස ඉදි වී ඇති මෙම විහාරය වැඳුම් පිඳුම් කිරීමට අවැසි සියලු අංගයන්ගෙන් සමන්විත වෙනවා.

ඉතින් ඔබත්,සොඳුරු පරිසරයක පිහිටි දැකුම්කළු මෙම විහාර භූමිය හා විහාරාංග නරඹා සිත් පහන් කර ගැනීමට පැමිණෙන ලෙස ඔබටත් ආරාධනා කරනවා.

Travel for Education

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment