Chanchala Wee Hangum Song Lyrics - චංචල වී හැඟුම් ගීතයේ පද පෙළ

Chanchala Wee Hangum Song Lyrics - චංචල වී හැඟුම් ගීතයේ පද පෙළ
Song Title : Chanchala Wee Hangum (චංචල වී හැඟුම්)
ගායනය : සංඛ දිනෙත්, මහේෂිකා
සංගීතය : සංඛ දිනෙත්
ගී පද : කැළුම් ශ්‍රීමාල්


චංචල වී හැඟුම් රැයක් ගානේ
කඳුළැල් දෙනවාමයි හඳපානේ
පායා දිය වී යන දේදුන්නේ
දිය වී යනවා ඔය ආදරේ
ඔබ ආ ලෙසටම ආයෙ
වෙන්වෙන එක වෙනවාමයි
මායාවක්මයි ආදරේ
මායාවක්මයි ආදරේ

චංචල හැඟුමක නිදිවරනා තුන්යාමේ
කඳුලට ඇයි අඬගසන්නෙ හඳපානේ
යස එළිමහනේ රස තියෙද්දි ආදරේ
දේදුන්න කියන මායාවද ලුහුබැන්දේ
ඔබ කී ලෙසටම ආයේ
හමුවෙන එක වෙනවාමයි
මායාවක්මයි ආදරේ
මායාවක්මයි ආදරේ

මිරිඟුවමද හැමදාම ඇස් බැන්දුම් කෙරුවේ
දැන දැනමද හැමදේම දෝතින්ම පිදුවේ //
පැන සීමාවන් රස බලද්දි ආදරේ
පැන යනවාමයි මිරිඟුව ඔබටත් රහසේ //
ඔබ කී ලෙසටම ආයේ
දුක නම් ළං වෙනවාමයි
මායාවක්මයි ආදරේ
මායාවක්මයි ආදරේ

ක්ෂිතිජයමද හැමදාම දෙහිතක් එක් කෙරුවේ
ඒ පරතරයම නේද ඒ හිත් වෙන් කෙරුවේ //
දුර ළඟ වාගේ සුව ලබද්දි ආදරේ
ළං වෙන්නෑමයි ක්ෂිතිජය එක් නොවෙනා සේ //
ඔබ කී ලෙසටම ආයේ
පාලුව නම් ළං වෙනවාමයි
මායාවක්මයි ආදරේ
මායාවක්මයි ආදරේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment