illandariyo Song Lyrics - ඉලන්දාරියෝ ගීතයේ පද පෙළ

illandariyo Song Lyrics - ඉලන්දාරියෝ ගීතයේ පද පෙළ
Song Title : illandariyo (ඉලන්දාරියෝ)
ගායනය : සංඛ දිනෙත් සමඟින් ගයනි මධූෂා
පද රචනය : සමන් එදිරිමුනි
සංගීතය : තිලිණ රුහුණගේ


පුංචි වදේ රංචු ගැහෙන හීන මල් සොයා
සමනල තටු සලා සෙමින් හිත ඉඟිලගියා
හොරෙන් හොරෙන් අඩි තිය තිය හදවතක් පුරා
ඉලන්දාරියෝ සෙල්ලම් කරනවද ඔයා //

හිනාසෙන් එපා ඔහොම හිතම පැටලුනා
නුපුරුදු නොදැනුන සුවඳක් හිතේ නැවතුනා
මතකෙට එන හැම මොහොතෙම හුස්ම හිරවුනා
මට මා ගැන අමතකවුනු දවස් වැඩි වුනා
මට මා ගැන අමතකවුනු දවස් වැඩි වුනා

පුංචි වදේ රංචු ගැහෙන හීන මල් සොයා
සමනල තටු සලා සෙමින් හිත ඉඟිලගියා
හොරෙන් හොරෙන් අඩි තිය තිය හදවතක් පුරා
ඉලන්දාරියෝ සෙල්ලම් කරනවද ඔයා //

හිත රිදවන කතා ගොතා කියන්නට එපා
මගේ කඳුළු මට වැඩි නැ සිඹින්නට එපා
අහසින් තරු කඩා වැටී හිතන්නට එපා
ඔයා සඳක් ඒ අහසින් වැටෙන්නට එපා
ඔයා සඳක් ඒ අහසින් වැටෙන්නට එපා

පුංචි වදේ රංචු ගැහෙන හීන මල් සොයා
සමනල තටු සලා සෙමින් හිත ඉඟිලගියා
හොරෙන් හොරෙන් අඩි තිය තිය හදවතක් පුරා
ඉලන්දාරියෝ සෙල්ලම් කරනවද ඔයා //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment