Bakini Gahe Athu Song Lyrics - බකිණි ගහේ අතු ගීතයේ පද පෙළ

Bakini Gahe Athu Song Lyrics - බකිණි ගහේ අතු ගීතයේ පද පෙළ
Song Title : Bakini Gahe Athu (බකිණි ගහේ අතු)
ගායනය : කීර්ති පැස්කුවෙල්
සංගීතය : මහින්ද බණ්ඩාර
ගී පද : ලක්මාලි කාරියවසම්


බකිණි ගහේ අතු බර වී තිබුනා
ආ දවසේ ඈ ගෙට කැන්දන්
ගෙපැල පුරා රන් එළියක් දිලුණා
කෝල සිනහවේ කැළුම් අරන් //

කඳුළ දුරස්වුණු පාළු මකන්නද
නොවිඳි සුවඳ යහනේ වැතිරෙන්නේ
ඊයේ නොතිබුණු අමුතු විසේකින්
සුළඟ ඇගේ සුදු මුහුණ සිඹින්නේ
මාල ගිරා සේ දොඩන කතන්දර
අසා සිටිමි මා සිත සැනසිල්ලේ

බකිණි ගහේ අතු බර වී තිබුනා
ආ දවසේ ඈ ගෙට කැන්දන්
ගෙපැල පුරා රන් එළියක් දිලුණා
කෝල සිනහවේ කැළුම් අරන් //

සිදාදියේ මං ඉන්න දොලොස් පැය
කල්ප හතක් වී හිතට දැනෙන්නේ
කිරිඳි ඔයේ ලා මල්පෙති පවනට
සුළඟ වගේ දුව එන්න හිතෙන්නේ
ආල පිරූ රන් කතා අහන්නට
තුන් තිස් පැය දවසකට මදියිනේ

බකිණි ගහේ අතු බර වී තිබුනා
ආ දවසේ ඈ ගෙට කැන්දන්
ගෙපැල පුරා රන් එළියක් දිලුණා
කෝල සිනහවේ කැළුම් අරන් //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment