A Nowe Ma Soya Song Lyrics - ඈ නොවේ මා සොයා ගීතයේ පද පෙළ

A Nowe Ma Soya Song Lyrics - ඈ නොවේ මා සොයා ගීතයේ පද පෙළ
Song Title : A Nowe Ma Soya (ඈ නොවේ මා සොයා)
ගායනය : මිල්ටන් මල්ලවාරච්චි
පද රචනය : කේ.ඩී.කේ. ධර්මවර්ධන
තනුව : ස්ටැන්ලි පීරිස්
1974 දී "ජෙම්ටෝන්" ලේබලයෙන් නිකුත්වූ "මා සොයා" තැටියට (මුල් ගී තැටිය) ඇතුළත් වූ ගීයකි.(තැටි අංකය Gemtone / OME 78)



ඈ නොවේ මා සොයා
පැමිණියේ කිසි දිනේ
ඈ මුලාවේ හෙලා
මා නැතේ වෙන්වුණේ
ඈ නොවේ මා සොයා

ඇය මා කෙරෙන් මිදීලා
ගතවූ දෙතුන් දොහේ මේ
සිහිවී අපේ අතීතේ
හැඬුවා හැඟුම් හදේ
කඳුළෙන් නුවන් තෙමා

ඇයගේ තෙපුල් අහන්නයි
යළි ඒ සිනා දකින්නයි
සෙවණැල්ල මෙන් රැඳෙන්නයි
පෙර සේ සොයා යමී
යළි ඈ ළඟින් ඉමී

ඈ නොවේ මා සොයා
පැමිණියේ කිසි දිනේ
ඈ මුලාවේ හෙලා
මා නැතේ වෙන්වුණේ
ඈ නොවේ මා සොයා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment