Tak Ganawa Tik Ganawa Song Lyrics - ටක් ගානවා ටික් ගානවා ගීතයේ පද පෙළ

Tak Ganawa Tik Ganawa Song Lyrics - ටක් ගානවා ටික් ගානවා ගීතයේ පද පෙළ
Song Title : Tak Ganawa Tik Ganawa (ටක් ගානවා ටික් ගානවා)
ගායනය : පේෂලා මෙන්ඩිස්
පද රචනය : ඇ. ලයනල් ද සිල්වා
තනුව : අඥාතයි


ටක් ගානවා ටික් ගානවා
ටිකක් කනවා දොර වහනවා

හුනු කිල්ලොටයක් අරගෙන
සීයා බුලත් විට හපනවා

අනේ සීයෙ අමල් බිසෝ
කතන්දරේ කියන්නකෝ ....//

ටක් ගානවා ටික් ගානවා
ටිකක් කනවා දොර වහනවා
හුනු කිල්ලොටයක් අරගෙන
සීයා බුලත් විට හපනවා

අනේ සීයෙ අමල් බිසෝ
කතන්දරේ කියන්නකෝ ....//

ජැන්ඩි පහට සරම ඇඳලා
ඉන වට හවඩියක් බැඳලා
පුංචි අපට ආස හිතෙන
ඉස්සර රස කතා කියලා
ගෙයි පිල උඩ පැදුර එළන්
සීයා හරි සැපට නිදන්

ටක් ගානවා ටික් ගානවා
ටිකක් කනවා දොර වහනවා
හුනු කිල්ලොටයක් අරගෙන
සීයා බුලත් විට හපනවා

අනේ සීයෙ අමල් බිසෝ
කතන්දරේ කියන්නකෝ ....//

පෝය දාට සිල් අරගෙන
තිස්සෙම බණ පද අහන්න
රෑට රෑට දොම් දොමිකිට
පුංචි රබන් පද කියන්න
ගෙයි පිල උඩ පැදුර එළන්
සීයා හරි සැපට නිදන්

ටක් ගානවා ටික් ගානවා
ටිකක් කනවා දොර වහනවා
හුනු කිල්ලොටයක් අරගෙන
සීයා බුලත් විට හපනවා

අනේ සීයෙ අමල් බිසෝ
කතන්දරේ කියන්නකෝ ....//

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment