Midule Wali Maligawe Song Lyrics - මිදුලේ වැලි මාළිගාවෙ ගීතයේ පද පෙළ

Midule Wali Maligawe Song Lyrics - මිදුලේ වැලි මාළිගාවෙ ගීතයේ පද පෙළ
Song Title : Midule Wali Maligawe (මිදුලේ වැලි මාළිගාවෙ)
ගායනය : පේෂලා මෙන්ඩිස්
පද රචනය : කුමාරදාස සපුතන්ත්‍රී
තනුව : ආචාර්ය රෝහණ වීරසිංහ


මිදුලේ වැලි මාළිගාවෙ සක්විති පදවිය ලබන්න
ගල් වැට ළඟ විඩිවෙලා සඳ පායන හැටි බලන්න
සතර දිසා ජය ගෙන මම හනික එමී
ඔබේ ලොවට සඳ හිරු වී එළිය දෙමී ....//

පීනා සිප් සයුර දෙතෙර
සියල් සතර දැන පිරිසිඳ
ලොවේ අනෙක අවමන් මැද නොසෙල්වෙමී
මිනිස් මහිම දෝතින් ගෙන සිනාසෙමී

මිදුලේ වැලි මාළිගාවෙ සක්විති පදවිය ලබන්න
ගල් වැට ළඟ විඩිවෙලා සඳ පායන හැටි බලන්න
සතර දිසා ජය ගෙන මම හනික එමී
ඔබේ ලොවට සඳ හිරු වී එළිය දෙමී

එපා ඔටුනු මගෙ සිරසට
එපා සිහසුනක් හිඳිනට
සිනාසිසී මා එන මග හිඳිනු මැනේ
දුවේ කියා මා අමතන් පියාණනේ

මිදුලේ වැලි මාළිගාවෙ සක්විති පදවිය ලබන්න
ගල් වැට ළඟ විඩිවෙලා සඳ පායන හැටි බලන්න
සතර දිසා ජය ගෙන මම හනික එමී
ඔබේ ලොවට සඳ හිරු වී එළිය දෙමී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment