Sundarathwayen Piri Soduruma Sihine Song Lyrics - සුන්දරත්වයෙන් පිරි සොඳුරුම සිහිනේ ගීතයේ පද

Sundarathwayen Piri SOduruma Sihine Song Lyrics - සුන්දරත්වයෙන් පිරි සොඳුරුම සිහිනේ ගීතයේ පද
Song Title : Sundarathwayen Piri SOduruma Sihine (සුන්දරත්වයෙන් පිරි සොඳුරුම සිහිනේ)
ගායනය : මිල්ටන් මල්ලවාරච්චි
ගී පද : ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය : වික්ටර් රත්නායක


සුන්දරත්වයෙන් පිරි සොඳුරුම සිහිනේ
නෙත් දෙකින් අරන් එනු මැන සඳ පානේ//

මල් ගෙනත් තබා දෝතින් පිළිගන්නයි
කල් බලා සිටින්නේ ඔබ දැක ගන්නයි
අල්පයක් තරම් නිදහස රැක ගන්නයි
කල්පනා ලොවින් එතෙරට ඉගිලෙන්නයි

සුන්දරත්වයෙන් පිරි සොඳුරුම සිහිනේ
නෙත් දෙකින් අරන් එනු මැන සඳ පානේ

වැහි වළාකුලෙන් පැල්පත සාදන්නයි
කවුළුවක් ලෙසින් තබන්නෙ දේදුන්නයි
සුපුරුදු ලෙස යළි ඉර හඳ පායන්නයි
ඒ මැදින් මගේ සම්පත ගෙට එන්නයි

සුන්දරත්වයෙන් පිරි සොඳුරුම සිහිනේ
නෙත් දෙකින් අරන් එනු මැන සඳ පානේ//

නෙත් දෙකින් අරන් එනු මැන සඳ පානේ//

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment