Mage Atheetha Diviye Song Lyrics - මාගේ අතීත දිවියේ ගීතයේ පද පෙළ

Mage Atheetha Diviye Song Lyrics - මාගේ අතීත දිවියේ ගීතයේ පද පෙළ
Song Title : Mage Atheetha Diviye (මාගේ අතීත දිවියේ)
ගායනය : මිල්ටන් මල්ලවාරච්චි
සංගීතය : ග්‍රේෂන් ආනන්ද
ගී පද : සනත් ගුණතිලක


මාගේ අතීත දිවියේ
සැමරුම් මැකී මැකී
කුමරි ඔබේ සිනහවේ
කොහේදෝ මුලා වී //

මාගේ කුමාර කාලේ
සෙනෙහේ අතීතයේ
පෑයූ සුපුන් සඳක් වාගේ
අප්සරාවියේ
ඇයි දෝ වෙනස් වුණේ
මහදේ වේදනා මවා

මාගේ අතීත දිවියේ
සැමරුම් මැකී මැකී
කුමරි ඔබේ සිනහවේ
කොහේදෝ මුලා වී

අපගේ පැතුම් විමානෙන්
වෙන් වීල එක් වුණේ
භවයෙන් භවේ පැතූ
අපගේ ආදරේ නිසා
කාලේ ළඟා වුණා ආයේ
වේදනා නිවා

මාගේ අතීත දිවියේ
සැමරුම් මැකී මැකී
කුමරි ඔබේ සිනහවේ
කොහේදෝ මුලා වී //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment